Monday, October 06, 2014

Skype එකෙන් ලව් කිරීම කෙසේද යත් ..

මේක මේ කොල්ල කාලේ කරපු පොඩි ආතල් ජනක වැඩක්.

ස්ථානය : මම මුලින් ම වැඩ කරපු කොම්පැනිය

කාලය: 2004 හෝ 2005 වසරේ එක්තරා දිනයක්

චරිත : මම සහ ඒ දවස් වල මම කරපු කෝස් එකක හිටපු ලස්සන ගෑනු ළමයෙක්

චරිත ගැන කෙටියෙන්:

මම : හොඳ හැදිච්ච කොල්ලා

A ළමය : අපි සෙට් එකත්  එක්ක හෙන ෆිට්. ටිකක් සෝෂල් චරිතයක්. හෙන හොඳයි. මම වගේම හොඳ හැදිච්ච ගුණ යහපත් ළමයෙක්.

පසුබිම් විස්තර : 

මගේ :
කොහෙන් හරි කමක් නෑ  ඉතින් කෙල්ලෙක් සෙට් කරගැනීමේ මානසිකත්වය සමග ස්කයිප් , කපුටා චැට් ,I R C  චැට්  ආදී මෙකි නොකී සියලු චැට් අත්හදා බලමින් ඉන්න කාලේ . කෙල්ලෙක්  එක්ක චැට් එකක් සෙට් වෙනවා කියන්නේ ඉතින් සියලු වැඩ අමතකයි .

A ළමයාගේ : 
ඒ කාලේ වෙනකොට කොල්ලෙක් නම්  හිටියේ නැද්ද කොහෙද. හැබැයි සැහෙන කොල්ලෝ ගානක් ලයින් දමපු ඇත්තටම ලස්සන ළමයෙක්

කතාව 

A  ළමය  : ආ  කොහොමද? ඔෆිස් එකේ ද ඉන්නේ ?
මම : ආ හලෝ කොහොමද? ඔව් මේ පොඩ්ඩක් වැඩ කරන්න කියල හිතුව.

A  ළමය  : ඒක  හොඳයි ඉඳල හිටලා හරි වැඩක් කරන එක (ස්කයිප් හිනා )
මම : අපි හැමදාම වැඩ තමයි හලෝ . ඔයාල වගේ අයිස් ගහන්නේ නෑ .

A ළමය : අපි අයිස් ගහන්නේ නෑ හරි ද
මම : හරි හරි අපි දන්නවනේ (ස්කයිප් හිනා)

මම : මේ එක නෙවෙයි . කෙල්ලෝ නැද්ද ?
A ළමය : කෙල්ලෝ ඉන්නවා . ඇයි  මම

මම  : ඔයා නෙමෙයි. වෙන කෙල්ලෝ නැද්ද ?
A ළමය : මොකටද අහන්නේ ?

මම : නෑ මේ නිකන් (ස්කයිප් හීන්  හිනා)
මම : මේ ඒක  නෙවෙයි . අරූට කෙල්ලෙක් සෙට් වෙලා නේද ?

A  ළමය : අරු කිව්වේ කවුද ?
මම : අරු කිව්වේ X

A ළමය  : මම දන්නේ නෑ. මට කිව්වේ නෑ.
මම :  ඌ මට එහෙම එකක් කිව්වා නේ .

A ළමය : වෙන්න ඇති.
මම :  මාත් කෙල්ලෙක් හොයා ගන්න ඕනේ . මෙහෙම හිටිය ඇති.

A ළමය : ඒක හොඳයි .  දැන්  වයසයි නේ.
මම : කවුද වයස ? අපි තාම එල කොල්ලෝ හරි ද ?

A ළමය : අපෝ මම දන්නවා.
මම  : මොනව ද දන්නේ ?

A ළමය : නෑ මොකුත් නෑ.
මම : මේ ඒක නෙවෙයි . පොඩි බඩ්ඩක් කියන්න ද ?

A ළමය : මොකක් ද ?
මම : මේ පොඩි සීන් එකක්. එක්කෝ ඕනේ නෑ.

A ළමය : කමක් නෑ කියන්න. මටත් මේ වැඩකුත් නෑ කරන්න.
මම : ඕකනේ ඉතින් මම කිව්වේ අයිස් ගහනවා කියල (ස්කයිප් මහ  හිනා)  

A ළමය : අයිස් නෙමෙයි අනේ . මේ පොඩි රෙස්ට් එකක් ගත්ත .
මම : මම දන්නවනේ රෙස්ට් ගැනිල්ල ගැන .

A ළමය : මොකක් ද ඉතින් කියන්න තියෙනවා කිව්වේ ?
මම : ආ ඒක වැඩක් නෑ ..

A ළමය : අනේ කියන්නකෝ.
මම : කියන්න බෑ බෑ වගේ .. (ස්කයිප් ලැජ්ජා මූණ )

A ළමය : හරි හරි ඉතින් කියන්න මම කාටවත් කියන්නේ නෑ .
මම : (ස්කයිප් හිතන මූණ  )

A ළමය : (ස්කයිප් වේටින් මූන )
මම : ෂුවර් ද කාටවත් කියන්නේ නෑ කියල ?

මම : අරුන් එකෙකුටවත් කියන්න බෑ හරි ද ?
A ළමය : හරි හරි අනේ .

මම : මේකයි .මම මේක ඔයාට කියන්නමයි කියල හිටියේ.
මම : මට ලැජ්ජයි හලෝ

A ළමය : ඔහොම ලජ්ජා වෙලා බෑ අනේ . දැන් එල කොල්ලෙක් කිව්වා නේද .
මම : එල කොල්ලෙක් කියන්නේ ඉතින් ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක් කියන එක නේ.

A ළමය : අපෝ මම දන්නවා නේ . (ස්කයිප් හිනා )
A ළමය : කෝ ඉතින් කියන්නකෝ

මම : මම මේක කිව්වා කියල ඔයා  අප්සට් ගන්නේ නෑ නේද ?
A ළමය : අනේ නෑ අනේ . ඔයා දන්නවනේ මගේ ගැන .

මම : ඔව් ඉතින් ඔයා ගැන දන්නා නිසා තමයි මම මේක කියන්න හිතුවෙත් .
මම : හරි එහෙනම් ප්‍රොමිස් කියන්න මම මේක කිව්වට පස්සේ තරහ වෙන්නේ නෑ කියල .

A ළමය : හරි හරි ඉතින් ඔන්න ප්‍රොමිස්.
මම : හරි

මම : මේකයි ඉතින් මේක හිතේ තියන් ඉඳල තේරුමක් නෑනේ . ඔයා ගැන හොඳට දන්න නිසා මේ කියන්නේ .
A ළමය : ඉතින් කියන්න






























මම : මම දැන් සෑහෙන  වෙලාවක ඉඳන් හෙන චූ බරේ හිටියේ. ඔයාට කියන්න නිකන් මොකක් ද වගේ නිසා කිව්වේ නැත්තේ . අනේ මොකුත් හිතන්න එපා හොඳද .. මම යනවා චූ  දාන්න . ඔයා කාටවත් කියන්න එපා ප්ලීස් හරි ද ? (ස්කයිප් බිම පෙරෙලෙමින් හිනා )

මෙහෙම කියල ඉතින් මම ඇත්තටම චූ  දාන්න ගියා . ගිහින් එනකොට














A ළමය : මෝඩයා . මම යනවා (ස්කයිප් ඕෆ්ලයින් )







මට ඉතින් ෆුල් ආතල් හැබැයි ඉතින් පොඩ්ඩක් අප්සට්. ඇත්තටම ඒ ළමය ගැන කිසිම ලයින් එකක් ඒ දවස් වල තිබුනේ නෑ . (ඔය මම කීප තැනකම කියපු මගේ අතීසාර මිත්‍රයාගේ නම් පොඩි ලයින් එකක් තිබ්බ . හැබැයි ඒ  වැඩේ හරි ගියේ නෑ ) මම ඉතින් ෆිට් එකට ජොලියට වගේ බයිට් කරන්න හිතාගෙන කරපු වැඩක් .

දැන් තමයි කතාවේ ආතල් ම හරිය

මේ සීන්  එකෙන් පස්සේ ඉතින් මම ඉතින් ගෙදර ගිහින් හෙමිහිට රෑ වෙලා අර කියපු අතීසාර එකාට කෝල් එකක් දුන්න.

"අඩෝ මේ උඹ දන්නව ද අද අරකි මාත් එක්ක චැට් කලානේ .
කවුද ?

අර A ළමය බන්. උඹේ ලයින් එක .
අනේ පල $#$#@$@#$ යන්න . මගේ ඇති ලයින් එකක් නෑ.

හරි හරි ඉතින් අපි දන්නවනේ . මම ඕනනම් අහන්නම් උඹට බයයි වගේ නම් ..
අනේ පල යන්න .මම බය නෑ  යකෝ.

අපෝ ඔව් මම දන්නවා බය නෑ කියලා ළඟට ගියාම කලිසමේ චූ යනවා
අනේ පල #%%#$%%#$%#$% යන්න . ඉතින් ඒකී මොකෝ කියන්නේ.

මම මේ ආතල් එකට ඒකිව පොඩ්ඩක් බයිට් කළා . අප්සට් ගියා ද දන්නේ නෑ ..

අරූ  මහා හඬින් සිනා සෙයි .. අනේ උඹේ බයිට් කිරිල්ල. අපි දන්නේ නැද්ද උඹේ හැටි.

ඇයි මොකෝ උඹ මොනව ද දන්නේ ?

$%$%%$#% ඒ චැට් කලේ ඒ කෙල්ල නෙවෙයි. අරූ X ඒකිගේ නමින් ලොග් වෙලා ඇවිල්ල චැට්   කලේ උඹව අන්දන්න.


-----------------------------------------------------------------------------------------------------------------------
ප.ලි
(එදා වෙච්ච දෙබස් ටික මට හරියටම මතක නෑ . මීට ආසන්න විදියකට කතා බහ ගියා . සීන් එක ඇත්තටම වුණා . අදටත් A ළමය මෙහෙම සීන්  එකක් ගැන දන්නේ නෑ .. හෙහ් හෙහ් ) 

38 comments:

  1. වෙලාවට චූ බරයි කිව්වේ , නැත්තං වසල හමාරයි..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ ... හිනියටවත් ලයින් එකක් වැඩ කරපු කෙල්ලෙක් නොවිච්ච එක හොඳයි .. :)

      Delete
  2. මල සේක කිව්වලු..... අනේ මට පොඩ්ඩක් වෙලාවක් දියන් බිම පෙරළිලා හිනාවෙලා එන්නං.....

    ඔහොම්මම වැඩක් අපිත් කළා අපේ බැචෙක්ට.. පව් කියන්නේ ඌගේ මුණ දැක්කම මාර දුක හිතුන. මේකනම් පැරලල් වර්ල්ඩ් එකක්දෝ කොහෙද!

    ReplyDelete
    Replies
    1. බිම පෙරලිලා හිනා වෙලා ඇවිත් ඒ කතාව බ්ලොග් එකේ දාන්න බලන්න.. :D

      Delete
    2. අඩේ ... මට දැන්නේ සර්වර් එකට හිට් උනේ.. අනේ මේ.... චරිත ගැන කියන විග්‍රහයේ 'මම' ගැන අලි ටොම් පචයක් ගහල තියෙන්නේ කාටහරි පේන්න වෙන්නැති නේ!! හුහ්...

      Delete
    3. ඔය සර්වර් එකට රික්වෙස්ට් එන වයර් එක කාට හරි පෑගිලා ඇති . පොඩ්ඩක් බලන්න . හෙහ් හෙහ්

      උස අඩි 5'11" බර 85kg , නියම b ශේප් . ඉතින් හොඳට හැදිච්ච කොල්ලෙක් නෙවෙයි ද බොල .. (ස්කයිප් එකේ අයිකන් මදි )

      Delete
  3. කාලා වරෙන්කෝ.............. විලි ලැජ්ජයි නේද???

    ReplyDelete
    Replies
    1. යාන්තම් ජාමේ බේරුනා චූ බර නිසා .. හෙහ් හෙහ්

      Delete
  4. කම්මැලියි බං මේක කියවන්න..

    ReplyDelete
    Replies
    1. අඩෝ අපි වගේ ලියන්න දෙයක් නැතුව ඉන්න අහිංසක මිනිස්සු මේ අමාරුවෙන් මතක් කරගත්ත සිද්දියක් වචන අඩු කරලා හිස්තැන් වැඩි කරලා උඹලට කියවන්න පහසු වෙන්න ලිව්වවම ඔහොම කම්මැලි වෙන්න එපා ...

      උඹට උනත් කවුරු හරි ඔය ගෑනු ළමයෙක් ඉස්කයිප් එකේ කතා කරගෙන එනකොට චූ බරයි කියල මාරු වෙන්න පුළුවන් හොඳ පාඩමක් නේ මම මේ ලියල තියෙන්නේ .. ඉතින් කම්මැලි නැතුව කියවපන් හොඳ එකා වගේ .. (ස්කයිප් හතර හිනා )

      Delete
  5. හොඳ වෙලාව, නැත්තම් චූ යනවා එතනම අර කතාව ඇහුවට පස්සේ , හොරුන්ගෙත් හොරු කම්බ හොරු. ඉතින් ඇත්තටම අර ගෑල්ලමයට ඊට පස්සේ මොකෝ වුනේ ...

    ReplyDelete
    Replies
    1. ගෑනු ළමය මේවා දන්නේ නෑ .. දැන් නම් කසාද බැඳලා ළමයි බමයි එහෙම හදාගෙන ඇති මම හිතන්නේ ..

      Delete
  6. චූ බර නිසා අහවල් එක බේරගන්න පුලුවං උනා එහෙනං. (ස්කයිප් මහ හිනා)

    ReplyDelete
    Replies
    1. චූ බර ත් බේතට ඕනේ වෙනවා කියන්නේ ඕකනේ ..

      Delete
  7. විලි ලැජ්ජයි.. හොඳ වෙලාවට ඔහොම එකක් කීවෙ..

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ ... වෙන මොනවා හරි කිව්වා නම් කලිසමේ චූ යන්නේ මට :D

      Delete
  8. Replies
    1. කියල වැඩක් නෑ අයියෝ .. :D

      Delete
  9. Replies
    1. (ස්කයිප් ඔලුවේ අත ගහගෙන)

      Delete
  10. අරූ X කොහොමද අර ලමයගෙ පාස්වර්ඩ් එක දන්නෙ ? තව පොඩ්ඩෙන් චූ නාන්න වෙන්නෙ නේද ?

    ReplyDelete
    Replies
    1. පාස් වර්ඩ් එක ගත්ත විදිය නම් හොයල බලන්න ඕනේ .. සමහරවිට අලුත් එකවුන්ට් එකක් හදන්න ඇති .. කොහොම හරි නමින් ආවම අපි ඕව බලන්නේ නෑ නේ ඒ කාලේ .. හෙහ් හෙහ්

      චූ නානවා කියන්නේ තාම නානවා එහෙනම් .. හෙහ් හෙහ්

      Delete
  11. අපි ඔහොම නෙමෙයි බං...කෙලින්ම ස්ථාවර දුරකථනයෙන් කෙල්ලො බයිට් කලේ....අපිව තාම හොයනවද කියන්න දන්නෙ නෑ. ඒ නිසා වැඩි විස්තර කිව නොහැකියි...ස්ථාවර ලයින් වලට කටු ගහලා අපි කථා කලේ...අනුන්ට බිල වැටෙන්න...අපි එහෙමයි...ඒ කාලෙ.

    ReplyDelete
    Replies
    1. මම ටෙලිෆෝන් එකෙන් නම් ඔය වගේ වැඩ කරලා නෑ .. යාළුවොත් එක්ක ඔය ඩයලොග් කස්ටමර් කෙයාර් එකට වගේ දවසක් ද 2ක් ද පාඩම් කරද්දී කෝල් කළා .. එච්චර තමයි

      Delete
  12. හි හි හොද වෙලාවට චූ බරයි කිවුවේ නැත්තන් ලැජ්ජාවේ පණ යනවා

    ReplyDelete
    Replies
    1. චූ බරට අපි සලකනවා මදි .. නැද්ද .. (ස්කයිප් බිම් පෙරලි පෙරලි සිනා )

      Delete
  13. පැතුම් තාමත් දන්නේ නෑ ඇත්තම සීන් එක!
    ඇත්තටම හිටියෙ A ළමයම තමයි - "මෝඩයා" කීවම වත් තේරුණේ නැද්ද?
    පස්සේ ලැජ්ජාව වහගන්න A ළමයා කථාවම කිව්වම කට්ටිය එකතුවෙලා හදපු කථාවට පැතුම් තාමත් බයිට්!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් එහෙම එකක් වුනා නම් තිස්ස අයියේ ඔයිට වැඩිය මඩක් යනවා .. ඒක එතනින් ම ශේප් වෙලා ගියා මොකද අනිත් එකත් බයිට් වුනානේ ඔටෝ ම ..

      Delete
    2. මමත් ඔය ටික කියන්න එද්දි කල් ඇතිවම ලොකු තැන කියලා තියෙන්නේ...

      පැතුම් මේ දාලා තියෙන සංවාදේ ඔය විදියට ඔය වචන වලින්ම උනානං මාත් කියන්නේ ඔය ඇත්තටම කතා කරලා තියෙන්නේ කෙල්ලම තමා...
      ඉච්ඡාභංගත්වයට පත් උන ගමන් ඔය වචනේ තමා ඕනම කාන්තාවකගේ මුවෙන් මුලින්ම පනින වචනේ.. ඕක මලාට කොල්ලෙක් චැට් කලාට කිය වෙන්නේ නැහැ... මට පේන්නෙත් පැතුම් තාමත් බයිට්... :D

      Delete
    3. කෝ බලන්න ... මේ චැට් එකේ වචන මේ විදියටම වුණා ද කියල මටත් මතක නෑ .. හැබැයි ඔය ආසන්නයෙන් ගියා ...

      දැන් ඒ කියන්නේ අවුරුදු 10ක් විතර පරණ චැට් එකක් ගැන නැවත පරීක්ෂණ කරන්න වෙනවා කියලද උඹල මේ කියන්නේ ..

      ත්‍රි පුද්ගල කොමිටියක් පත් කරලා වහාම විමර්ශනයක් කරන්නන ඕනේ.

      Delete
    4. පැතුම් ඔය උඩ කමෙන්ට් එක දාල තීන කෙනා කවුද?

      Delete
    5. කවුද මන්ද කළු කොල්ලෙක් ... මටත් ඒ හැටි නිච්චියක් නෑ .. අර බුකියේ කෑම උයන කොලුවමද මන්ද

      (ස්කයිප් එකේ මේවට දාන්න අයිකන් මදි )

      Delete
  14. අඩෝ මාර වැඩේනේ. ගම වලඳනවා. බැරිවෙලාවත් මම උඹවෙලා හිටියා නම්, වෙන මොකක් හරි රෙද්දක් වෙලා අරූ මට ඇවිල්ලා හොම්බට දෙකක් නෙලනවා. හොඳ වෙලාවට අපේ කාලේ ස්කයිප් බයිප් නැහැ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් වෙලාවට එහෙනම් ස්කයිප් තිබ්බේ නැත්තේ .. මේ සීන් එක එච්චර සිරා ගියේ නෑ .. හෙහ් හෙහ්

      Delete
  15. කමෙන්ට් එක කෝ බොලේ

    ReplyDelete
  16. “මෝඩයා “ (ස්කයිප් දිව දික්කිරීම )

    මේ ඒකනෙමෙයි , (ස්කයිප් හීන් හිනා) ස්කයිප් මහ හිනා) ( ස්කයිප් බිම පෙරලි පෙරලි හිනා) වගේ (ස්කයිප් මෝඩයා ) නැහැ නේද.......

    ReplyDelete
    Replies
    1. අර ඔලුවේ අතගහ ගන්න එක තමයි මම නම් පාවිච්චි කරන්නේ අනිත් එකා මෝඩයෙක් කියන්න .. හැබැයි හොඳ අදහසක් අලුත් අයිකන් එකක් හදන්න . හෙහ් හෙහ්

      Delete