Tuesday, October 14, 2014

ගූග්ල් කාඩ්බෝඩ් සමග සියුම් නයෙක්

මම කොහොමත් මේ මහපොළවේ පය ගහල ඉන්න ඒ තරම් කැමති එකෙක් නෙවෙයි . ඒ කියන්නේ හුදී ජනයාට තියෙන ගොඩක් ප්‍රශ්න මට නෑ ... ඒ ඇවිල්ල මම හිතන විදියට මගේ මොලේ එක අයි.සී එකක පින් එකක් වැරදියට පාස්සල වෙච්ච අවුලක් වෙන්න ඇති . තාම හරියටම දන්නේ නෑ .. දයාබර බිරින්දෑ මේ දවස් වල මගේ වයර් මාරු නිවැරදි කරන ගමන් ඉන්නේ ... සමහර විට කල් යනකොට හරි යයි ..

හරි ඉතින් මේ බ්ලොග් එක කියවන තවත් ඒ වගේම වයර් මාරු වෙච්ච අයට වැදගත් වන විදියේ දෙයක් ගැන තමයි මේ කියන්න යන්නේ . ඉතින් තමුන්ගේ මොළයේ වයර් හරියට තියෙන, පොලවේ පය ගහල ඉන්න අය මේවා කියවල තමුන්ගේ වටිනා කාලය නාස්ති කර ගන්න එපා .. .

හරි දැන් ඔය කොයි කවුරුත් ගුග්ල් ගැන දන්නවනේ . මේ ගුගලා මිට මාස 2-3කට කලින් තිබ්බ උන්දැලගේ Google I/O එකේදී පොඩි අමුතු ගැජට් එකක් එලි දැක්කුව . දැන් ඔය ගුගල් අයි.ඕ කියන්නේ මොකක් ද කියල දන්නේ නැත්නම් ඒ කියන්නේ ගුග්ල් සමාගම වාර්ෂිකව සංවිධානය කරන ඔවුන්ගේ නවතම නිර්මාණ සහ එළිදක්වීම් ගැන ප්‍රසිද්ධ කරන උත්සවයක් . ගොඩක් වෙලාවට අලුත් android මෙහෙයුම් පද්ධති එලි දැක්වීම්, ෆෝන්, ටැබ්ලට් වල අලුත් මොඩල් එලි දැක්වීම් සහ වෙනත් ගූග්ල් නිෂ්පාදන එලි දැක්වීම් සිද්ද වෙන්නේ මේ කොන්ෆරන්ස් එකේදී . 

ඕක ඉතින් වයර් හරියට තියෙන සමාන්‍ය හුදී ජනයාට එක පාරටම් මෙලෝ වැඩක් නැති දෙයක් වගේ පෙනුනට ටික කාලෙකින් ඇඳන් ඉන්න කලිසම උගස් කරලා හරි කමක් නෑ ගන්න ට්‍රයි කරන්නේ ඔය මිනිස්සු හදන ගැජට් බැජට් තමයි . 

ඕකෙදි දැක්ක අමුතු ගැජට් එකක් තමයි මේ කාඩ්බෝඩ් කියන්නේ ..

හුදී ජනයාගේ කාඩ්බෝඩ් කෑල්ලටත් අම්මපල්ල මේ කාලකන්නි කෙලින්න නේ හදන්නේ ..

හරි මොකක් ද මේ කාඩ් බෝඩ් කියන්නේ 

මෙතන ඉඳන් කතාව අල්ලලා යන්නේ අර වයර් මාරු වෙච්ච මේ වගේ අයට තමයි 

අනිත් අය ඉස්සෙල්ල මේ පින්තුර බලල ඉන්න 















මම හිතන්නේ ගොඩක් අයට දැන් වැඩේ මීටර් වෙන්න ඇති . එහෙම නැති අයට තමයි මේ ටික 

මේ තියෙන්නේ virtual reality headset. ඒ කියන්නේ මේ හෙඩ් සෙට් එක දාගත්තම කලින් ප්‍රෝග්‍රෑම් කරපු අතත්‍ය (ඒ කියන්නේ තත්‍ය නොවන (තත්‍ය කියන්නේ ඇත්තට නොපවතින (ඇත්තට නොපවතින කියන්නේ පොලවේ පයගහල නැති ))) ලෝකයක් ඔබේ දෑස් ඉදිරියේ මැවෙනවා . කොටින් ම කිව්වොත් විනාඩි 2ක් යද්දී ඔබට ඔබ ඉන්න තැන අමතක කරන්න මේ ගැජට් වලට පුළුවන්. 

සම්පුර්ණයෙන් ත්‍රිමාන, බොහෝ දුරට සජීවී බවක් දැනෙන ඔබගේ ශරීරයේ චලන වලට විශේෂයෙන් ම හිසේ සහ ඇස් වල චලනයන්ට ප්‍රතික්‍රියා දක්වන කෘතීම පරිසරයක් මේ මගින් නිර්මාණය කරනවා. බොහෝ විට පරිගණක ක්‍රීඩා සඳහා මේක පාවිච්චි වෙනවා.

මේ වගේ ඒවා ඉස්සර ටීවී එකේ ඉඳල හිටලා පෙන්නපු කාලේ තමයි මම හිතන්නේ මගේ නම් අර වයර් මාරුවෙන් පොඩි පොඩි අනවශ්‍යය ප්‍රෝග්‍රෑම් රන් වෙන්න පටන් ගත්තේ . එච්චර කල් වයර් මාරු එක්ක වුනත් සිස්ටම් එක හොඳට රන් වුණා .

හරි දැන් ඉතින් ඔය මොනවා කිව්වත් මේ වගේ ගැජට් වලට ඔය හුදී ජනය වුනත් පිස්සු වැටෙනවා . ගන්න බැරි නිසා නිකන් හිටියට .

දැන් පින්වතුනි මේ ගූග්ල් සමාගමේ ඉන්න පින්වන්ත මහත්වරු... (උගුර පාදල ) සහ නෝනාවරු බොහෝ කාලයක් වෙහෙස මහන්සි වෙලා (වටපිට බලමින් ) තමන්ගේ දනය , මොලය , කාලය , සල්ලි , බියර් ,අරක්කු , විස්කි , බ්‍රැන්ඩි , ගල් , පොල් ආදිය වියදම් කරලා . ඇඩම් උන්නැහැ සහ ඒවා මැතිනියගේ කාලයේ සිට , මතු උපදින අප මහා හෝමෝ සේපියන් සේපියන් (දෙපාරයි නේ .. හරි හරි ) මහතා හෝ එම මහත්මිය ගේ කාලය දක්වා, මේ තුන් ලෝකයේ උපදින්නා වූ සියලුම වයර් මාරු වූ අප වැනි හුදී ජනයාගේ හිතසුව පිණිස මේ පිළියෙළ කළාවූ ද , අඩු වියදම් වුද , පහසුවෙන් අටවා ගත හැකි වුද, කොයි කාටත් තමන්ගේ අතේ ඇති ජංගම' දුරකතනය යොදා පාවිච්චි කල හැකි වුද මේ කාඩ්බෝඩ් virtual reality headset එක මේ පසුගිය ජුනි මාසයේදී යෙදුනු ඒ Google I/O උළෙලේදී ඒ ආකාරයෙන් එළි දක්වන්න යෙදුන. (කාරල කෙල ගහල ) ඒ කරපු මහත් වූ පින් බලයෙන් ගුගුල් සමාගමේ සියලුම මහත් තැන්ලාටත් එම නොනාලාටත් මෙලොව සියලුම සැප සම්පත් ලැබී ... කෙළවර බෝනසුත් ලැබේවා  කියල අපි ප්‍රර්ථනා කරනවා. 


ඔෆිසියල් කටයුතු අහවර වෙලා ඉන්න වෙලාවක මම මේ ගැජට්ටුව ගැන පොඩි වෙළඳ දැන්වීමක් දැක්කා . සල්ලි සල්ලි කියල බැලුවේ නෑ ඒ වෙලාවෙම ඕඩරේ දැම්ම. හැබැයි මිත්‍රවරුනි කිව්වට විස්වාස කරන්න ඒ වෙද්දී මගේ අතේ තිබ්බේ මේන් මේ 





අති නවීන ජංගම දුරකථනය . එහෙම තියෙද්දිත් මම අරවගේ කටින් එජ් (බ්ලිඩින් එජ් ද මන්ද ) ගැජට් එකක් ඕඩර් කළා කිව්වම හිතාගන්න පුළුවන් නේ වයර් මාරු වුනාම තියෙන තත්තේ ගැන .. 


ඕක ඕඩර් කරලා නිකන් හිටියේ නෑ .. මාසේ පඩිය අතට ආපු ගමන් සුද්දා වගේ ඊළඟ සති අන්තේ ගිහින් යට කියූ ගුගල් සමාගමේ ම නිර්මාණයක් වෙච්ච , කන්‍යා android මෘදුකාංගය සහිත LG Nexus 5 ෆෝන් එකක් අරන් අරන් ආවා ...

මේ තියන්නේ එම ෆෝනය හෙවත් සියුම් නයා 




කන්‍යා android කිව්වම කාට හරි මොනවා හරි හිතුන නම් ඒ කියන්නේ ගුගල් සමාගම විසින් නිපදවන ඔරිජිනල්, ජෙනුයින්, කොම්පැනියේ ගහපු, හොඳම, android මෙහෙයුම් පද්ධතිය තියෙන්නේ මේ ෆෝන් වල . අනිත් ෆෝන් වල තියෙන්නේ ඒ ඒ සමාගම් විසින් පොඩ්ඩක් කස්ටමයිස් කරපු android වර්ෂන්ස් .

කොහොම හරි ඔය ෆෝන් එක අරන් දවස් 4-5ක් ගියාට පස්සේ තමයි අර කාඩ්බෝඩ් ගැජට් එක තැපෑලෙන් ආවේ . ඒක එන්න පොඩ්ඩක් පරක්කු වුනාට සමාව ඉල්ලලා පොඩි ලියුම් කරදහියකුත් ඒ වෙළෙඳ මහත්තය මට එවල තිබුණ . කස්ටමර් සර්විස් නම් අන්න එහෙමයි .

රයිට් මේ තියෙන්නේ භාණ්ඩේ . අඩු පාඩු නෑ තනිකර කාඩ් බෝඩ්.

මෙතෙන්ට ඔලුව දාල තමයි බලන්නේ . (අපි ඔළුවට තෙල් දාල කොන්ඩේ පීරන හැදිච්ච ළමයි බවට ඕනේ නම් සාක්කිත් මේ පින්තුරේ තියෙනවා )





ෆෝන් එක තියන්නේ මෙතන . ඊට පස්සේ අර වෙල්ක්‍රෝ කෑලි දෙක අලවනවා. ගුග්ල් ප්ලේ එකේ මේකට හදපු පොඩි ඇප් එකක් තියෙනවා නොමිලේ බාගන්න . එක ඕන කරලා මෙතනින් තියල බලන්නයි තියෙන්නේ 



මෙන්න මේක තමයි මේ ගැජට් එකේ තියෙන මරුම කෑල්ල . මේක තමයි මේ සොෆ්ට්වෙයා එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ස්විච් එක . හිතා ගන්න පුළුවන් ද මේක වැඩ කරන හැටි ? 

මේ ෆොටෝ එකේ තියෙන්නේ පොඩි කාන්දම් කෑල්ලකුයි පොඩි යකඩ රවුමකුයි . ඔය පෙන්නේ යකඩ රවුම. කාඩ්බෝඩ් එක යටින් ඔය වගේම පොඩි කාන්දම් කෑල්ලක් තියෙනවා. ඔය යකඩ රවුම අතින් පහලට අදාල අතාරින්න ඕනේ එතකොට ෆෝන් එක අවට සිදුවන සියුම් චුම්භක වෙනස් වීම ෆෝන් එකේ මැග්නෙටෝමිටර් (magnetometer) සෙන්සර් එකෙන් ඒ වෙනස ගණනය කරලා ඒ අනුව මෘදුකාංගය පාලනය කරනවා . 

ගුග්ල් එකෙන් හදපු එකේ NFC පහසුකමත් එක්ක තමයි මේ කාඩ්බෝඩ් එක එන්නේ 


හුදී ජනයනි බිය නොවන්න . NFC ගැන මම කියන්නම් 


NFC කියන්නේ Near Field Communication කියන එක . මේක ටිකක් සංකීර්ණ දෙයක් . මේකෙන් වෙන්නේ අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් පොඩි චිප් එකක තියෙන දත්ත ෆෝන් එකේ තියෙන NFC සෙන්සර් එකෙන් කියවල මේ ගැජට් එකට ෆෝන් එක ඇතුල් කරපු ගමන් අර කියපු ඇප් එක ලෝන්ච් කරන එක .

මම ගත්ත මේ ගැජට් එකේ මේ NFC පහසුකම තිබුනේ නෑ මොකද මේක ගුග්ල් එකෙන් හදපු කාඩ්බෝඩ් එක අනුසාරයෙන් හදපු වෙන එකක් නිසා .


හරි දැන් මේකේ මොනවාද තියෙන්නේ . මොනවාද තියෙන්නේ කියන එක වචන වලින් විස්තර කරන්න අමාරුයි . සාම්පල් ඇප් එකේ තියෙනවා මොකක් දෝ මාලිගාවක ඇතුලත දර්ශනයක් , තව වෙස්මුහුණු වගයක් , අපුරු කාටුන් එකක් , ගුගල් අර්ත් මගින් අභ්යවකාෂගතවෙලා පොලවේ තියෙන තියෙන තැන කිහිපෙකට බැහැල ඇවිදලා බලන්න පුළුවන් , ඒ වගේම ගුග්ල් ස්ට්‍රීට් විව් සහ තමන්ගේම කියල සිනමා හලක වගේ යු ටියුබ් එකේ වීඩියෝ බලන්නත් පුළුවන් . ඔලුව හරවන හරවන් පැත්තෙන් වීඩියෝ පේනවා . ඒ වගේම කටහඩින් සෙවුමක් දාල අපිට ඕනේ වීඩියෝ එක ලෝඩ් කරගන්න පුළුවන් .


දම් පාට රතු පාට රෝස පාට පාට පාට ලෝකයක් අප්පා .. 



ඔය තියෙන්නේ තියෙන ජාති ටිකෙන් ටිකක් 

මේ තියෙන්නේ ගුග්ල් අර්ත් එකෙන් පේන සින් එකක් 

මේකේ තියෙන මෘදුකාංගය වැඩ කරන හැටි සරලව කිව්වොත් (මට තේරෙන්නෙත් නෑ හරියට ) අපිට අවශ්‍ය කරන පරිගණක වැඩසටහනක් මගින් නිර්මාණය කරපු අතත්‍ය ලෝකයක් හෝ යම් නිර්මාණයක් සමාන්තරව බෙදපු කැමරා රුප රාමු දෙකක් විදියට මෘදුකාංගය මගින් පෙනෙන්න සලස්වනවා . ඒ පෙනෙන දේ මේ ගැජට් එක ඔය රවුම් දෙකක් වගේ තියෙන පුංචි උත්තල (අවතල ද මන්ද ) කාච දෙක ඇතුලෙන් බලපුවහම අපිට තාත්වික විදියට පේනවා . මම හිතන්නේ පොඩි දෘෂ්ටි මායාවක් සිද්ද වෙනවා අපේ ඇසත් එක්ක . ඒ එක්කම අපි ඔලුව හරවන හරවන දිශාව අනුව මෘදුකාංගය මගින් පසුබිම වෙනස් කරමින් අතත්‍ය යාථාර්තය (virtual reality) නිර්මාණය කරලා දෙනවා 



මේ තියෙන්නේ උදාහරණයක් 


ඕකයි ඉතින් කතන්දරේ . 

මේක බලල ඉතින් මටත් නිකන් ඉන්න හිතුනේ නෑ .. නිකන් ඉන්න එකේ මාත් මේ වගේ එකක් ට්‍රයි කරන්න ඕනේ කියල ගුග්ල් අයියලා අපි වගේ අයගේ බුරුල් වෙච්ච නට් තද කරන්න කියල දීල තිය උදාහරණ කෝඩ් (software code) කෑලි ටික එකලස් කරලා පොඩි android app කෑල්ලක් හදල බැලුව (android දන්න ඕනේ කෙනෙකුට ඉතා පහසුවෙන් මේක අටව ගන්න පුළුවන් )

මේ තියෙන්නේ එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් 








මේ ඇප් එකේ විදියට අපිට කරන්න තියෙන්නේ ඔය හතරැස් කොටු ඔලුව හරෝ හරෝ හොයන්න . එකක් හොයාගෙන අපි එක දිහා බලල කාන්දම් ස්විච් එක පහලට කරලා අත ඇරපුවහම ඒක කහපාට වෙලා අපිට ලකුණක් එකතු වෙනවා ... හෙහ් හෙහ් හරි ජොලි 

මේක ඇත්තටම ගුග්ල්  සමාගම විසින් කරපු පොඩි අත්හදා බැලීමක් . ඕනේ කෙනෙකුට මේවගේ එකක් තමන්ටම හදා ගන්න පුළුවන් . ඕනෙම android (iphone  වලත් පුළුවන් ඇති). ෆෝන් එකක රන් කරන්න පුළුවන් නමුත් අර කාන්දම් සුවිච් එක වැඩ කරන්න නම් magnetometer  එකක් තියෙන්න ඕනේ . NFC  අත්‍යාවශ්‍යය නෑ.

මෙතන තියෙනවා සම්පුර්ණ විස්තරේ  


40 comments:

  1. අනේ මටත් බලන්න ඕනේ ඕකෙන්,,, මටත් හදන්න ඕනේ ඕකක්...... :( :( :(

    ReplyDelete
    Replies
    1. හරි ලේසියි ebay එකෙන් මේකට හරි යන ලෙන්ස් 2ක් අරන් අර අන්තිමට දාල තියෙන ලින්ක් එකෙන් ගිහින් ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගෙන කපල හදන්නයි තියෙන්නේ .. නැත්නම් ටක් ගාල ebay එකෙන් එකක් ගෙන්න ගන්න.

      Delete
  2. මාරයි නේ බං, කෝ නයා කිව්වට ෆෝන් එකේ පින්තුරයක් නෑනේ , මාරු කාඩ්බෝඩ් එක

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකේ පින්තුරයක් දාන්න බෑනේ බන් ඔක්කොම පින්තුර ටික ගත්තේ ෆෝන් එකෙන්නේ .. මට ඊයේ රෑ මගේ කැමරාව අරන් ලෙන්ස් මාරු කරලා ෆොටෝ අරන් වැඩ ගොඩක් කරන්න කම්මැලි හිතුන .. හෙහ්

      ඔය දාල තියෙන්නේ නයාගේ හැව නේ ...

      නිකන් ඉන්න එකේ එකක් හදල බලපන් .. වයර් මාරු වෙන්න ඕනෙම නෑ මේවා බලන්න ..

      Delete
  3. අනේ බං රුපියල් පන්සීයේ කැඩිච්ච පෝන් තියෙන අපිට ඕවා අන්තිම ඉහලින් ග්‍රීක්..

    ReplyDelete
    Replies
    1. ඕකනේ මම කලින් ම කිව්වේ මේවා හරි යන්නේ වයර් මාරු වෙච්ච අපි වගේ ඩයල් වලට තමයි . පොළොවේ පය ගහල ඉන්න උඹලට මේවා ග්‍රීක් වගේ තමයි ...

      Delete
  4. තාම ඉතින් ජීවිතේ බරක් පතලක් නොදන්න පොඩි එකානෙ.. එව්ව එන්න කලින් ඔය වර්චුවල් ලෝක වල ඉන්න එක හොඳයි..

    ReplyDelete
    Replies
    1. අන්න එකනේ .. මේ ගෙවෙන්නේ අන්තිම කාලේ ...

      Delete
  5. යකෝ මේ ගූ ගල් කාරය කාඩ්බෝඩ් කෑල්ලකටවත් පාඩුවෙ ඉන්න දෙන්නෙ නෑනෙ.

    අපේ අයි සී ෂෝට් සර්කිට් වෙනව මේව කියෙව්වාම.

    ReplyDelete
    Replies
    1. මම කලින් ම කිව්වා නේ ප්‍රසන්න අයියේ .. මේවා හරි යන්නේ දැනටම අයි සී ෂෝට් සර්කිට් වෙච්ච උන්ට තමයි ..

      හුදී ජනයා ට මේවා කියෙව්වම තමයි වයර් මාරු වෙන්නේ .. හරියට ඔයාට වුණා වගේ

      Delete
  6. NFC

    මේකෙ තේරුම සම්පූර්ණයෙන් වෙනස් කරල. අපේ වෘත්තියෙදි NFC කියන්නෙ No Fucxxng Chance!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මම මේ බැලුවේ මේ දෙවෙනි වචනේ කොහොමද කියෝ ගන්නේ කියල ... හෙහ් හෙහ් හෙහ්

      අපි ඒක නේ ඔච්චර අමාරු වචන තියෙන වෘත්තියක් තොර ගත්තේ නැත්තේ

      Delete
  7. හිටපන් පැතුමෝ උඹට පෙන්නන්න මාරු වෙච්ච වයර්! හුහ්... අපි වගේ වැදගත් ගෑනුළමයෙක්ටවත් ඉන්ට දෙන්නේ නැති හැටි? මගේ නම්බුව 'සල බලාං ' ගාල බිඳුන නේ අප්පා...

    උඩ පින්තුරේ අර ආච්චියෙක් බෙරිහන් දෙන එකක් තිබ්බ නේද? ඒක අවසන් පින්තුරේ වෙන්නත් ඇති උන්දැගේ... මට නම් හිතෙන්නෙම ඔය අන්තිම කාර්ටුන් වගේ තියෙන පින්තුරේ නම් ඇඳලා තියෙන්නෙම පැතුමා ගැන කියල... කෝකටත් හාමිනේට සිහිබුද්ධියෙන් ඉන්න කියන්න. එක්කෝ හාමිනේද දන්නෙත් නැහැ පැතුම්ගේ පර්ස් එකට අරෙහෙම විදින්නේ....

    ඔයාගේ සියුම් නයා...? ඕකෙන් එකක් මටත් එව්වොත් තමයි ඇත්තටම නයා පෙනේ කරා වගේ දැනෙන්නේ... හෙක්.. ඔව් වොව්... මහත් ඵල මහානිසංස කියන්නේ එව්වට.

    මට තියෙන්නෙත් ඔය ජාතියේ වෙන පිස්සුවක්. නෑ .. නෑ .... පිස්සුද මට පිස්සු නෑ ඔව්ව බ්ලොග් වල ලියන්න... හික්..

    ReplyDelete
    Replies
    1. යකෝ දැන්නේ දැක්කේ , උද ඉඳන් දෙවැනි පින්තුරේ උපේක්ෂා ගේ කියලා , දැන් අඳුරන්නත් අමාරුයි ,තරුණ පාට වෙලා ... හැක් :P

      Delete
    2. 'සල බලාං' සද්දේ මෙහෙටත් ඇහුණා ... මම ඒත් බැලුව මොකක්ද ඒ ටකරං හඬ කියල .. දැන්නේ තේරුණේ . :D

      හාමිනේගේ සිහිබුද්ධිය නිසා තමයි සිස්ටම් එක ෂොට් සර්කිට් වෙලා පිස්සු කෙලිනකොට අපහු ට්‍රැක් එකට ගන්නේ ..

      පර්ස් එකට විදීම කියන්නෙත් ඔය ගෑනු අයට තියෙන මේ කපේට හරිගස්සන්න බැරි වයර් මාරු වීමක් නේද ?

      ඕව එලියට පනින්නේ ඉබේ බන් ... පිස්සු කියල තේරෙන්නේ ලියල ඉවර උනාම ..

      Delete
    3. ඉවාන් උඹට නම් තියෙන්නේ පුදුම ඇහැක් . මේ ගහක් ගලක් වගේ ඉන්නේ නුවර කුමාරි නේන්නම් ..

      Delete
    4. ඉවාන්: උඹේ ඔය බ්ලොග් කට්ටේ සායම ගියේ මොකද කියල මට හිතාගත්තැකි... මම ආච්චියෙක් කියල මම කියලත් ඇතිනේ... අනේ බොලාල කොල්ලෝ වෙච්චි එහෙනම්, වලපල්ලට යන්න ඉන්න මට සලකන හැටිද ඔය? මම මැරිලා යකෙක් වෙලා ඉඳන් බෙල්ල චුට්ට චුට්ට හපන්නේ... හෙක්

      කොටියම කාපිය!

      Delete
    5. ආච්චියේ පෝච්චියේ වතුර නටනවා ...
      ආච්චිගේ බෙල්ල කන්න පූසි අඩනවා ...

      උපේක්ෂා ආච්චි ... එහෙම කියන එක පොඩ්ඩක් ඔඩ් වගේ ...

      නුවර ආච්චි ... එල ඔය තියෙන්නේ ...

      Delete
    6. නුවර ආච්චි .... හික් හික් හික් පට්ට

      Delete
    7. උපේක්ෂා උපේක්ෂාවෙන් සිනාසුනාය. :-D

      Delete
  8. ඔය මාරු වෙච්ච වයර් හරි ගස්සන, බුරුල් වෙච්චි නට් තද කරන මෙවලමක් හදන්න බැරිද ගූ-ගලා ට ? එහෙම එකක් හැදුවනම් උණු කැවුම් වගේ සට සට ගාලා යයි...

    ReplyDelete
    Replies
    1. එහෙම ඒව උන් කොහේ හදන්න ද බන් ගුග්ල් එකේ ඉන්නේ ඔක්කොම වයර් මාරු වෙච්ච උන් විතරයි . අපි අතර ඉන්න උන්ගෙනුත් වැඩියෙන් ම අවුල් උන් ව තොරලානේ ගුග්ල් එකට ගන්නේ ..

      Delete
    2. මාරු වෙච්ච වයර් හැදුවොත් ඊට පස්සෙ කවුද බං සෙන්න ගූ ගලා ඔය එක එක ගැජට් එලියට දානකොට ඒවා සල්ලි සල්ලි කියල බලන් නැතුව ගන්න ඉන්නෙ... නේද පැතුමො....

      Delete
    3. ඔය තේරිලා තියෙන්නේ අපුරුවට ... වයර් මාරු වුවන්ගේ සංගමය කියල එකක් හදන්න හිතෙනවා අම්මපල්ල ....

      Delete
  9. මාරුවෙන්නවත් වයර් එකක් නැති මං වගේ එවුන්ට මේවා නිකන් මැජික් වගේ බං.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් වයර් අඩුම කාලෙක හැදිච්ච නිසා අරූ ඔහොම බේරුනා .. අපිත් යන්තම් එකක් දෙකක් විතරක් මාරු කරගෙන ජාමේ බේරන් ඉන්නවා ... දැන් ඉන්න උන් ගේ මාරු වෙන්නේ වයර් නෙවෙයි. වයි-ෆයි බ්ලුටුත් වගේ ඒවා ...පැටලුනු තැන් හොයන්න සක්කරයටවත් බෑ ..

      Delete
  10. නියමයි.. වයර් මාරු වෙච්ච අපි ගැනත් ගූගල් එක හිතනවා නේ... ඔන්න මමත් ලෙන්ස් වලට ඕඩර් එකක් දැම්මා ebay එකෙන්, ට්‍රයි කරලා බලන්නම්..මගේ ලඟත් තියෙන්නේ සියුම් නයෙක් තමයි... මේක ගැන කියල දුන්න එක ගොඩක් වටිනවා....

    ReplyDelete
    Replies
    1. එල කිරි කොල්ලෙක් ... මේ ඉන්න නියම වයර් මාරු වෙච්ච ඩයල් ... මෙහෙම එකක් දැක්ක ගමන් බඩු ඕඩර් කළා කියන්නේ ... නියම තැනින් තමයි වයර් එක මාරු වෙලා තියෙන්නේ ..

      nexus 6 එක අද එයි... හෙට එයි කියල බලන් ඉඳල බැරිම තැන ඕක අරන් ආවා .. හෙහ් .. මොනවා උනත් පට්ටම ෆෝන් එකක්

      Delete
    2. ඒක ගැන නම් කියන්න දෙයක් නැහැ... වයර් එක නියමෙටම මාරු වෙලා තියනවා... මාත් බලන් ඉන්නේ nexus 6 එක එනකම්... nexus 5 එකට දැන් අවුරුද්දක් විතර වෙන නිසා 6 එකට දැන් කාලේ හරි...

      Delete
    3. මේ මාසේ අන්තිමට වගේ ගොඩක් වෙලාවට රිලීස් කරයි නෙ ....

      පොඩි පොඩි එක්ස්පරිමන්ට් කරන්න හිතාගෙන මේක ගත්තේ ..

      ටික කාලයක් ගිහින් ආර්ථිකේ බලල nexus 6 ක් ගන්න හිතේ තියෙනවා ..

      Delete
  11. මං හිතන්නෙ මගෙත් ඔලුවෙ වයර් මාරු වෙලා!

    ReplyDelete
    Replies
    1. වෙල් කම් ටු ද ක්ලබ් ... :)

      Delete
  12. මට නම් මැජික් වගේ අප්පා මේ කතන්දරේ.....මගේ තාක්ෂණික දැනුම නම් අන්තිමයිද කොහෙද.... කාඩ් බෝඩ් දැනුමත් අන්තිමයි වගේ

    ReplyDelete
    Replies
    1. අර මාතලන් මේ ඊයේ පෙරේදා විද්‍යා දැනුම සන්නිවේදනය ද මොකක් ද අවුලක් ගැන ලියල තිබුනේ මම හිතන්නේ මේ වගේ සීන් නිසා තමයි ..

      සිඳු ගේ වයර් හොඳට තියෙන එක ගැන සතුටු වෙන්න .. හෙහ් හෙහ්

      virtual reality කියන්නේ හරි අපුරූ සංකල්පයක් නිකන් ඉන්න වෙලාවක හොයල බලන්න ...

      තව ටික කාලෙකින් මේ තාක්ෂණයේ දියුණුව මෙන්න මේ විදියට වෙයි කියල තමයි කට්ටිය කියන්නේ

      මෙන්න මේකේ අන්තිමට මේ වීඩියෝ එක බලන්නකෝ
      http://www.extremetech.com/extreme/191909-google-joins-the-vr-war-invests-in-light-field-cinematic-reality-company-magic-leap

      දැනටම ගුගල් ආයතනය මේ තාක්ෂණය දියුණු කරන්න ඩොලර් මිලියන 500ක් යොදවල

      Delete
  13. android එකක විතරද පුළුවන් . iphone app එකක් නැත්ද?

    ReplyDelete
  14. මෙන්න මේකේ හැටියට පාවිච්චි කරන්න පුළුවන් . හැබැයි ගුග්ල් එකෙන් හදපු ඇප් එක නම් තියෙන්නේ android වලට විතරයි .

    http://gizmodo.com/how-to-turn-your-iphone-into-a-vr-headset-with-google-c-1625558372

    මේකේ තියෙනවා ඇප් එකේ තියෙන ඒවා ටිකකුත් ..

    ReplyDelete
  15. මේ පෝස්ටුව හොඳටම තේරුනේ ම‍ට!

    ReplyDelete
  16. දෙපාරක් ඔලුව හොල්ලල ආයේ කියවල බලපන් මොකක් හරි වෙනසක් තියෙනවද කියල .. :)

    ReplyDelete
  17. විකාරයි පැතුමො... ඒත් කෝම කොම හරි කියෙව්ව තුන් හතර පාර් හැබැයි ටික ටික ඔක්කම තේරුණා අනෙ මට නං ඔය කාඩ්බෝඩ් එපාකියලමයි හිතෙන්නෙ ඕයේස්

    ReplyDelete