Tuesday, March 06, 2012

ඔරායන් දැක්කෙමි

හෙන කාලෙකින් ඔරායන් දැක්ක. කලුවරේ ගලක් උඩ නිදාගෙන තරු පිරිච්ච අහස දිහා බලාගෙන ඉන්න එක කොච්චර ආතල් වැඩක් ද? මමයි මමයි අක්කයි දිමුතුවයි ගල් පර්වතේ උඩ හතර පැත්තට නිදාගෙන අහස බලන් හිටියා.. අනිත් 3දෙනා නම් ඇස් පියාගෙන ද කොහෙද ...මම නම් තරු බැලුවා..  තාරකා විද්‍යා උණ කවදාවත් හොඳවෙන එකක් නෙවෙයි..  ඉස්සර උත්තල කාචෙකුයි අවතල කාචෙකුයි බටේකට හයි කරගෙන දුරදක්න හදන් අහසේ තරු බැලුවා කවදා හරි අභ්‍යවකාශ ගාමියෙක් වෙනව කියල හිතාගෙන... දැන් මේ ගලක් උඩට නැඟල තරුවක් බලාගෙන ඉන්නවා.. සංසාරේ කිව්ව ලු...

7 comments:

  1. මාත් අහසෙ බලන්නම ආස ඔරායන්...

    ReplyDelete
  2. මාත් ඉස්සර පට්ට කැමතියි ඔරායන් බලන්න. ඔරායන්ගෙ බෙල්ට් එක දිගේ බැලුවම සීරියස් පේන්නෙ.

    ReplyDelete
  3. මලක් ගහල ගලක් උඩ දිගාවෙලා රෑ අහසෙ තරු බලනව තරං ආතල් එකක් තව කොයිද ???

    ReplyDelete
  4. හමා,
    ලේසියෙන් ම හොයා ගන්නත් පුළුවන්

    රාජ්, සීරියස් ගැන නම් මම දන්නෙ නෑ..

    ඕනයා, මලක් ගහල කිව්වේ පිච්ච මලක් කනේ ගහන් ද?

    ReplyDelete
  5. මගෙත් ආසාම කාර්යයක් තමයි උද බලන් නිදාගෙන තරු බලන එක.. ඉස්සර පොඩි කාලේ අපි මිදුලේ පැදුරක් දාගෙන එකේ උඩුබැලි වේල්ල තරු ගනිනවා. දැන් ඉන්න රටේ තරු පෙනෙන්නේ නැහැ. ඒ තරමට පරිසරය දුෂණය වෙලා. ලංකාවට ආවාම එකටත් එක්ක බලනවා..

    ReplyDelete
  6. පුතාල දෙන්නගෙයි මගෙයිත් කැමතිම වැඩක්...
    ලොක්කත් දැන් ඔරායන් අඳුනනව...
    ඒත් මේ පින්තූරෙ වටිනව, හරියට ස්ථාන ගතවෙන හැටි බලාගන්න.. ඔන්න ඒක සෙව් කරගන්නව...

    "මල් විසීරිලා වගේ - තාරකා පිරී...
    ලාස්සනයි පුරා හඳේ - රැස් විහීදිලා.."

    ReplyDelete
  7. තරු බලන එක තරම් ෆන් වැඩක් තියේ යෑ.

    ReplyDelete