අපරාදේ කියන්න බෑ... ලංකාවේ ඉන්න අහිංසක වැඩිහිටි අයගේ බුද්ධාලම්භන ප්‍රීතිය වැඩි වෙන විදියට හදල තියෙනවා. මමයි,මමයි අපේ අම්මයි ගියේ, සියල්ලෝම සතුටින් ගෙදර ආවා... මම හිතන්නේ ෆිල්ම් එකක් බලන එකේ තේරුම ඒකනේ.. පොඩි වින්දනයක් ලබා ගැනීම... ෆිල්ම් එක බලන අතරේ අනේ මන් ද කියල හිතෙන එක නම් නවත්වන්න බැහැ... සරල රසවින්දනයකින්, ඒ කියන්නේ වැඩිය ඇනලයිස් නොකර මේක මීට වඩා සිරාවට හදන්න තිබුණනේ වගේ සම්භාව්‍ය දේවල් හිතන්නේ නැතුව අපේ නළු නිලියන්ගේ අහිංසක දක්ෂතා අගය කරමින් බලන්න පුළුවන් නම් ඇත්තටම හොඳ ෆිල්ම් එකක්... අපි සතියට ෆිල්ම් 4 -5ක් (ඉස්සර දවසට 4-5ක්) ගානේ ෆිල්ම් බලන්නෙ නැතුව එක එක රටවල මිනිස්සු තමන් හදන ෆිල්ම් වල එක පුංචි රූප රාමුවකට කොච්චර විස්තර පෙන්නන්න මහන්සි වෙනවද වගේ දේවල් හිතන්නෙ නැතුව ඉන්න ඕනේ..
ලංකාවේ ඉතිහාසයේ වැදගත්ම දේවල් මේ විදියට නිර්මාණය වෙන එක හෙනම වටිනවා... හැබැයි ඒ නිර්මාණ අනාගතයට ගැලපෙනවද කියල මට නිකමට වගේ හිතුණා... මිහිදු හාමුදුරුවෝ ලංකාවට බුද්ධාගම ගෙනාපු කතාව ආයේ කවුරුවත් ෆිල්ම් එකක් විදියට හදන එකක් නෑ..මේ හදපු එක තව අවුරුදු 50ක් විතර යනකම් තියෙයි.. ඒ කාලේ ඇතුලත බිහිවෙන අපේ පොඩි එවුන් ලංකාවේ ඉතිහාසය ෆිල්ම් වලින් ඉගෙන ගනියි.. මහින්දාගමනය ඉස්කෝලේ උගන්නන්න පටන් ගන්නකොට ගූග්ල් එකෙන් හොයල ෆිල්ම් එක බාල කතාව මේකයි කියන දේ ඔලුවට දා ගනියි... ඒ අතරේ උන් ගූග්ල්ගේ පිහිටෙන් අනිත් රටවල ඉතිහාසකතා, රජකතා,ලොකප්‍රසිද්ධ නිර්මාණ,වාණිජ කතා,එහෙන් මෙහෙන් හදන කතා,ලොකු අයගේ කතා වගේ හැම දේමත් ඔලුවල දාගෙන ඉඳියි..
මම හිතන්නේ ඒ කාලේ හැදෙන උන්ගේ මොළෙත් අපට වඩා දියුණු වෙයි.. අපේ ඉතිහාසය අනිත් රටවල ඉතිහාසයත් එක්ක හැඟීම්වලින් නැතුව,සිංහලෙන් කිව්වොත් ක්‍රිටිකලි ඇනලයිස් කර කර ඉගෙන ගනියි... එහෙම ඉගෙන ගන්නකොට මහින්දාගමනය ගැන අපේ හිතේ දැන් තියෙන හැඟීම ඒ ලමයින්ට දැනෙයි ද කියල නිකමට හිතුණා.. අපි අපිට තියෙන හැඟීම නිසා අපි කතාව බලල සතුටුවෙනවා.. කතාව නිසා හැඟීමක් දැනුනද කියල මට නම් ෂුවර් නෑ...
ඒ ෆිල්ම් එකේ තිබ්බ ජාතියෙම අනුරාධපුරයුගයේ තිබිච්ච පිහි අපේ ගෙදරත් තියෙනවා කියල උන් කතාවෙයි (පේමන්ට් එකේ තියෙන සුදුපාට වානේ පිහි තව අවුරුදු 50කිනුත් තියෙයි නේ)..සුරත කියන්නේ අත්දෙකටම මිසක් දකුණු අතට නෙවෙයි කියල කවද හරි සිංහල ගුරුවරු එක්ක තර්ක කරයි... ලෝඩ් ඔෆ් ද රින්ග්ස් එකේ වගේම රැවුල තියෙන සීයල ඒ ෆිල්ම් එකෙත් හිටිය කියයි... ඉස්සර අපේ රජවාසල ආරක්ෂකයිගේ අත පොඩ්ඩක් කැපුනත් හොරාව අත ඇරල දානව කියයි අනිත් රටවල ඉන්න සෙබළු හිස කඳින් වෙන් වෙනකම් සිය රජ(යුවරජ) වෙනුවෙන් සටන් කරද්දී.. ෆිල්ම් එකේ හිටිය බිසව විතරක් ඇයි කොන්ඩෙ කපල් තට්ටේ ගෑවේ..අච්චර භක්තියෙන් හිටපු අර ඇමති තුමා තට්ටේ ගෑවේ නෑ නේද කියල කතාවෙයි..දෙවනපෑතිස් රජතුමා කරවටක් දියේ ගිලී බෝහෝම භක්තියෙන් ජය ශ්‍රී මහා බෝධිය දෝතින් පිළිගත්ත කියල පොතේ තියෙන එක කියවද්දි හිතේ මැවෙන දර්ශනය සමහරවිට එච්චරම කේස් එකක් නැති පොඩි සීන් එකක් විදියට උන් ඔළුවේ දාගනියි.. මුලු රටෙන්ම මිහිදු හාමුදුරුවන්ගෙන් බණ අහන්න ඇවිත් හිටියේ හෙන පොඩි දෙනයි නේද කියලත් හිතයි..(අපි නම් දන්නව ඉතින් ඒක එහෙම නෙවෙයි කියල)
දේශයක පිබිදීම මෙච්චර සරල විදියට ඉදිරිපත් වෙනකොට ඒ පිබිදීම ගැනත් දැනෙන්නේ සරල හැඟීමක්... ඉන්දියාවේ පිබිදීම , ඇමරිකාවේ පිබිදීම(එහෙම එකක් තිබ්බනම්),ජපානේ පිබිදීම ගැන හැඟීම ඊටවඩා තදින් උන්ගේ හිතට දැනෙයි.... අපේ රටේ පොත්වල කියවන්න තියෙන ඉතිහාසය කොහෙන් හරි කොපි කරල ගත්ත එකක් කියල හිතෙයි ද දන්නෑ... ඒ කාලේ වෙනකොට ජාතික හැඟීම තියෙන පරණ මිනිස්සුත් ඒ හැටි ඉතිරිවෙලා ඉන්න එකක් නෑ.. දැන් වගේ පොත්වලින්, පත්තර වලින්, රේඩියෝවෙන් ,ටී.වී වලින් ඕක කියන්නත් අය ඉතිරිවෙලා ඉඳියි ද දන්නෙ නෑ..
ගොඩක් මහන්සි වෙලා හදපු ෆිල්ම් එක තව චුට්ටක් හිතල තව චුට්ටක් මහන්සිවෙලා (සිද්ධියක් වුණා කියන එක නැතුව සිද්ධිය වෙච්ච විදිය තාත්වික විදියට හදන්න) මහන්සි වුණා නම් අපේ ඉතිහාසය ගැන අපිට දැනෙන හැඟීම මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා
කිං හන්තර් අද හිටියට හෙට නෑ.. හෙට ඉන්නත් එපා... හැබයි දෙවනපෑතිස් හැමදාම ඉන්න ඕනේ....
(දැන් මහින්ද ආගිය තැන් පෙන්නන්න මීට වඩා වියදම් කරල මහන්සි වෙනව මම හිතන්නේ)
4 Ways to take Heap dump in Tomcat and Java and 3 Tools to Analyse .hprof
files
-
The *heap dump* is a great source of information on identifying memory
related issues on Java application e.g. web and application servers like
Tomcat, We...
19 hours ago
කියන හින්දම ගිහින් බලන්න වටිනවා. මම නම් ෆිල්ම් එකක් බලන්න ෆිම් හෝල් එකකට ගිය කාලයක් මතක නෑ.
ReplyDeleteමම තවත් බ්ලොග් එකක කියෙවුව. පෙනෙන හැටියට ලංකාවේ බවුද්දයින්ට වටිනාම කතාව නිකම් ගම කතාවක් වගේ චිත්‍රපටියකට නගල වගෙයි..
ReplyDeletefilm එක බැලුවෙ නම් නෑ..trailer එක බැලුවා... සිරි යහන කාඩ්බෝර්ඩ් කියල trailer එකේදිම දැක්කා..
ReplyDeletefilm එක එන්න කලින් බලන්න යන්න ආසවෙන් හිටියත් දැන් කම්මැලී වගේ..
දන්න විදියට ඉස්කෝල වලින් ලමයින්ව film එක බලන්න එක්කන් යනවා.ඔබ ඔය කිව්ව ගොඩක් දේවල් එයාලගෙ පුංචි නමුත් තියුණු මොලෙන් analys කරයි.
ටී.වී එකේ පොඩි පොඩි කෑලි දකින කොටම මටත් හිතුණ මේකත් තව දියාරු ෆිල්ම් එකක් වෙන්නැති කියල. කොහොමවුණත් ඉදිරියේ දී හොයාගෙන බලන්න ඕනේ.
ReplyDeleteසංසාරේ අපි බ්ලොග් එකෙන් පාර හොයාගෙන ආවේ. ඔබ කියනදේ මමත් අනුමත කරනවා. ඉතිහාසය එහෙන් මෙහෙන් පහුරු ගාල කාලෙට ජනප්‍රිය නමක් දාගෙන මුදල් හම්බකරන්ඩ හදන බාල චිත්‍රපට වලින් සමාජයට වෙන්නේ හානියක්.
ReplyDeleteෆිල්ම් එක ගැන නම් කියන්න දෙයක් නැහැ. ඒත් පෝස්ට් එකකට ලියන්න තරම් දේවල් තිබුණා.
ReplyDeletehttp://aagiyakatha.blogspot.com/2011/11/shot.html