Monday, May 30, 2011

ලියුම් මැකීම

මීට අවුරුදු 6-7කට කලින් කවදාවත් ලියුමක් මකන්න වෙන එකක් නෑ කියල දුන්න පොරටෝක් එකට අහුවෙලා ගත්ත ලියුම් පෙට්ටියේ ඉඩ 95% ඉවරයි කියල කියපු නිසා ඇවිල්ල තිබ්බ ලියුම් 6000ක් විතර මකල දාලා යාන්තම් සුද්ද කරල ගත්තම දැන් කියනවා You are currently using 6621 MB (87 %) of your 7588 MB. ලු. තව කී දාහක් මකන්න වෙයි ද මන් ද....

Over 7588.402033 megabytes (and counting) of free storage. ලු. අනේ මන් ද  මෙහෙම කිව්වට කොහොම විස්වාස කරන්න ද... 
මකන එකත් ලේසී නෑනේ... කියවන්නේ නැතුව තිබිච්ච ලියුම් 6000ක් විතර හොයල මකල දැම්ම.. මෙච්චර කාලයක් නොකියවා හිටිය කියල අප්සැට් එකක් වුණේ නැති නිසා මකල දැම්මත් අප්සැට් එකක් වෙන්නේ නෑනේ කියල... 

in:Unread,in:has Attachment කියල ලියුම් පෙට්ටිය ඇතුළෙ හොයල තමා මැකුවේ...අපරාදේ කියන්න බෑ ලියුම් යවන්න කරන්න වගේම මකන්න කරන්නත් (යවනවා මකනවා හැරුණු විට කරන දේ "කරන්න" යන්නෙන් අදහස් වේ... :) ) පහසුකම් නම් දීල තියෙනවා... කොහොමත් නිතර ලියුම් එවන ගෘප් ෆිල්ටර් කරල ලේබල් හදල තිබ්බම මකන්න ලෙසියි... අපි කියවපු ලියුම් නියම කරන දවස් ගනනකදි ස්වයංක්‍රීයව මැකිල යන්න ක්‍රමයක් තියෙනවද කියල හොයල බැලුවට හම්බ වුණේ නෑ...දන්න කෙනෙක් ඉන්නවනම් කොමෙන්ටුවක් දාල යන්න... ලැබ් එකේවත් තියෙයි ද දන්නෑ....

මා විසින් නොකියවා මකා දමන ලද ලියුම් එවූ සියලු දේනාට මාගේ බලවත් කණගාටුව!!!




5 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. ම‍ගේ 100% පිරුණා...
    mails ටික මකලත් දවස් සතියක් යනකන් mails send කරන්න දුන්නේ නෑ

    ReplyDelete
  3. මළා....
    *දවස් සතියක් නෙමේ
    සතියක් හරිද..........

    ReplyDelete
  4. අනවශ්‍ය විදියට ෆෝවඩ් කරන මේල් වලින් ඉන්බොක්ස් එක පුරවගන ඉන්න ගොඩක් අයට ඔය ප්‍රශ්ණේ ඇති. ඒකට කරන්න තියෙන්නේ ඔය හැමෝම ෆෝවඩ් කරන චේන් මේල්ස් වගේ ඒව බැලුවට පස්සෙ ඩිලීට් කරල දාන එක. අත්‍යාවශ්‍යම එකක් නම් විතරක් තියාගත්තට අවුලක් වෙන එකක් නෑ. ඒත් අත්දැකීමෙන් ඔය ෆෝවඩ් වෙන මේල් වලින් 99.99% අනවශ්‍ය ඒව.

    ReplyDelete
  5. add ur blog www.lankeeya.info

    ReplyDelete