2006 අගෝස්තු 17 ලියන්න පටන් ගත්ත මේ බිත්තියේ මේ වෙනකොට මම 119ක් දේවල් ලියල ඒකෙන් 98ක් විතරක් පබිලිස් කරල තියෙනවා.
අවුරුදු 4යි මාස 8ක් විතර මේ බ්ලොග් ලිවිල්ල කරල ඉගෙන ගත්ත දේ ගොඩයි.හම්බ වෙච්ච යාළුවොත් ගොඩයි. හම්බ වෙලා කතා කරල නැති උණාට කොමෙන්ට් වලින් දන්න අය ගොඩක් ඉන්නවනේ...මම නම් බ්ලොග් බලන්නෙත් කොමෙන්ට්ස් දාන්නෙත් හරිම අඩුවෙන්... ඒක හදාගන්න ඕනේ..
ඇත්තම කිව්වොත් මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ සිංහල යුනිකෝඩ් ගෘප් එකට සම්බන්ධ වෙලා හිටපු කාලේ... සිංහල යුනිකෝඩ් ප්රචලිත වෙලත් මහ කාලයක් නෑ එතකොට. කොහොම වුණත් එදා ඉඳන් අද දක්වා සිංහලෙන් ලියන්න උදව් කලේ නම් ගාර්ප් එක තමා. මේක ලියන්න පටන් ගන්නකොට මම බ්ලොග් ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ...(දැනුත් දන්නේ නෑ)
බ්ලොග් ගැන නොදැන හිටියට පොඩි කාලේ ඉඳන් එක එක දේවල් ලියන්න තියෙන උණ හොඳ කරගන්න තිබිච්ච හොඳ අවස්ථාවක් නිසා ලියන එක නැඟල ගියා. හැබැයි කියවන්න නම් වැඩිය කට්ටිය හිටියේ නෑ... සි.යු. ගෘප් එකේ කට්ටිය විතරයි නිකමට හරි ඇවිත් බැලුවේ...
බලන්න අය හිටියත් නැතත් මට ලියන්න හිතෙන දේ ලියල දැම්මා... දැන් නම් ගොඩක් දේවල් වෙනස් නිසා සිංහල බ්ලොග් ලියන එක නැඟල යනවා.
ඒක නම් ඇත්තටම හෙනම වටින දෙයක්. ජාලේ ඇතුලේ සිංහලෙන් කියවන්න දේවල් තියෙන එකේ වටිනාකම කියල වැඩක් නෑ.(අපේ ඉතින් කඩ්ඩ හෙනම පොලිස් නේ ඒකයි)
ඉගෙන ගන්න දේවල්, එක එක අදහස්,තාක්සනේ, මඩ,වලි,බොරු,පොර ටෝක්ස් ඔය ඕනම දෙයක් දැන් සිංහලෙන් ම තියෙනවනේ....
කොහොම වුණත් මෙකත් එක්ක ලියපු පෝස්ට් 99ම ලිව්වේ තනිකඩයෙක් විදියට... මුල්කාලේ ලියපු පෝස්ට් වල ගොඩක් ම තියෙන්නෙ තනිකඩ කොලුකම් වල ආතල් තමයි... 100 වෙනි පෝස්ට් එක තනිකඩවම දානව ද දෙකඩ වුණාට පස්සෙම දානව ද කියල තාම හිතල නෑ... දෙකඩ වෙන්න තියෙන්නෙ තව දින 5යි...
ජීවිතේ සිද්ද වෙන වෙනස් වීම් එක්ක ලියන දේවලුත් වෙනස් වෙයි... මොන දේ වෙනස් වුණත් ලියන එක නතර වෙන්නෙ නෑ...
4 Ways to take Heap dump in Tomcat and Java and 3 Tools to Analyse .hprof
files
-
The *heap dump* is a great source of information on identifying memory
related issues on Java application e.g. web and application servers like
Tomcat, We...
7 hours ago
මමත් දැකලා තියෙන පරණ ම සිහල යුනිකේතයෙන් කරපු බ්ලොග් එකක් මේක... හිමින් ගමන උනත් දිගටම යමු... දිගටම ලියමු... ජය!
ReplyDeleteසිංහල බ්ලොග් අවකාශයේ ආ ගමන් මගට සුබ පතනවා.
ReplyDeleteඉදිරියටත් ලියන්න. ජය වේවා !!!
සුභ දෙකඩ ජීවිතයක් වේවා පැතුම් අයියේ...
ReplyDeleteබ්ලොග් එකටත් ජය වේවා..!! මමත් දන්න පරණම සිංහල බ්ලොග් එක තමා මේක..
බ්ලොග් අවකාසේ සීනියර් උත්තමයානනි ඔබට මගෙන් සුබ පැතුම්!! සතුටින් ඉන්න. දෙකඩ උනත් බ්ලොග් ලියන්න ...
ReplyDeleteජයවේවා පැතුම් මල්ලී...
ReplyDeleteකොහොමත් මේ අන්තර්ජාල බිත්ති සටහන් සංක්ෂිප්තයි, හෘදයංගමයි...
ආයුබෝවේවා...
මන් බ්ලොග් ලිවිල්ල කරන්නේ බ්ලොග් ලියන මල්ලිලාගේ උදවුවෙනුයි.වැරද්දක් හරි අලුතින් කරන්න දෙයක් හරි හොයල මට ලියන දේ තුන් දෙනක් නිසා මගේ බ්ලෝග ගැට ගහගෙන යනවා.. මන් ඔය වගේ අයගෙන් ඉගෙනගන්නවා..
ReplyDelete